18 April 2025


බන්ධනාගාර රෝහලේ සිටින ලොහාන්ට විශේෂ ආරක්ෂාවක්



අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හට විශේෂ ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක සඳහන් කළේ ලොහාන් රත්වත්තේ බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙම විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.

(colombotimes.lk)