18 April 2025


කරාපිටිය රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන්



කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් අද (05) උදෑසන ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබුණා.

අදාළ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියා කිරීම හේතුවෙන් වැඩවර්ජනය අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)