18 April 2025


කරාපිටිය රෝහලේ වෛද්‍ය වර්ජනයක්



වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුවකට සෞඛ්‍ය බලධාරීන් විසින් විසඳුම් ලබා නොදීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (05) පෙරවරු 8.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවයි වාර්තා වන්නේ.

එම රෝහලේ රජයේ වෛද්‍යවරුන්ගේ  සංගමයේ සම ලේකම් අසංක කෝණාර කියා සිටියේ එක් වෛද්‍යවරයෙක්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් ස්ථාන මාරු පාවා ලබාගෙන ඇති බවයි.

(colombotimes.lk)