18 April 2025


ආරුගම්බේ සිද්ධිය ගැන කළ විමර්ශනයේ අතිශය රහසිගත වාර්තාවක් අධිකරණයට



ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරීන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවයි.

ඒ අනුව එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)