18 April 2025


ඉන්දු - ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් අතර හමුවක් කැඳවයි



ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ ධීවර නියෝජිතයන් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමට ත‍ීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශ ලේකම් එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දු - ශ්‍රී ලංකා ධීවර නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත්  බවයි.

ඒ සඳහා ඉන්දීය ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නියෝජිතයන් 12 දෙනෙක්ගෙන් යුත් පිරිසක් සහභාගි වී තිබෙනවා.

මේ අතර මැතිවරණයෙන් පසු පත්වන නව ධීවර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් දෙරටේ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.