18 April 2025


උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක්



එළඹෙන උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිය හැකි බව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති මාතලී ජයසේකර සඳහන් කළේ ඌරු මස් විකිණීම තහනම් කිරීමත් සමඟ එලෙස කුකුළු මස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට ඇතැම් කුකුළු ගොවිපළහිමියන් මිල ඉහළ දැමීම සඳහා කුකුළු මස් ශීතකරණවල තබා ගන්නා බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)