18 April 2025


හයිටි සන්නද්ධ ප්‍රහාර හමුවේ පදිංචිකරුවන් අවතැන් වෙයි



හයිට් රාජ්‍යයේ අගනුවර වන පෝට් - ඕ - ප්‍රින්ස්හි ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලි ප්‍රහාර හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ එහි පදිංචිකරුවන් දහස් ගණනක් අවතැන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශවල මේ වන විට වෙඩි හුවමාරු සිදු වන බවයි.

එමෙන්ම මේ වන විට අගනුවර සහ ඒ අවට නගර ගණනාවකට සන්නද්ධ කල්ලි ඔවුන්ගේ ප්‍රහාර උත්සන්න කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)