18 April 2025


දීපවාලි සමරන්න මත්පෙති ගෙනා තරුණයන් පිරිසක් අත්අඩංගුවට



දීපවාලි උත්සවය සැමරීම සඳහා අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙනා තරුණයන් සිව්දෙනෙක් හැටන් පොලීසියේ නිලධාරීන් විසින් අද (30) උදෑසන හැටන් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවරුදු 22 සහ 28 වයස්වල පසුවන හැටන් දික්ඔය සාංචිමලේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක්.

ඔවුන් සතුව තිබූ අයිස්, ගංජා සහ මත්පෙති පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)