18 April 2025


වාහන ආනයනය ගැන රජය ගත් තීරණය මෙන්න



වාහන ආනයනය යම් ක්‍රමවේදයකට යටත්ව සිදු කිරීමට රජය තීන්දු කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඒ සම්බන්ධව මහ බැංකුවද එකඟතාවය පළ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)