18 April 2025


ගම්මන්පිලගේ දෙවන පාස්කු හෙළිදරව්වත් ප්‍රතික්ෂේප වෙයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ දෙවන පාස්කු හෙළිදරව්ව තුළින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඉලක්ක කර ඇතැයි පැහැදිලි වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ චැනල් 4 නාලිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීමද දේශපාලනික කරුණක් බවයි.

එමෙන්ම පරීක්ෂණයක් සිදු නොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරා ගැනීමේ අරමුණින් බවත් එවැනි ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව සිදු නොකරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

(colombotimes.lk)