18 April 2025


මැතිවරණ නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයන් දිවයිනට



පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂකයන් දිවයිනට පැමිණ තිබෙනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිටිආරච්චි සඳහන් කළේ යුරෝපා සංගමයේ මැතිවරණ නීරීක්ෂකයන් මේ වන විටත් සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 1000ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)