18 April 2025


අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන් සිය සේවාව තුළ පවතින ගැටලු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු වී තිබෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නලිනී කොහොවල, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් විශාඛා අබේරත්න යන අයද ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති සහ ලේකම් ඇතුළු නියෝජිතයන්ද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)