17 April 2025


කැලණිවැලි මාර්ගයේත් දුම්රිය ධාවනයට බාධා



දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක් දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බවයි.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

(colombotimes.lk)