18 April 2025


ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි



ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනාගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 09 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.  

ඒ එම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

මහාධිකරණ විනිසුරුවරයා කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි මස 09 වනදා කැඳවීමට නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)