18 April 2025


වැස්සත් සමඟ ඩෙංගු යළි හිස ඔසවයි



වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඔක්තෝම්බර් මාසයේ මේ වන විට ඩෙංගු රෝගීන් 2,549 දෙනෙක් වාර්තා වී ඇති බවයි.

එම රෝගීන් ගෙන් වැඩිම පිරිසක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ අවට පරිසරය පිරිසිදු කර ගනිමින් ඩෙංගු ව්‍යාප්තිය අවම කර ගන්නා ලෙසයි.

(colombotimes.lk)