18 April 2025


බේකරි ජානා අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'මර්වින් ජානා හෙවත් බේකරි ජානා' නැමති පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  
                   
විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමක් අතරතුර අදාළ සැකකරුව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.                    

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 60ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවයි වාර්තා වෙන්නේ. 
 
(colombotimes.lk)