18 April 2025


බෝම්බ බියක් හේතුවෙන් තවත් ගුවන් යානයක් කටුනායකට



ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

පස්වරු 02.56ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙහි ගුවන් මගීන් 108 දෙනෙක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙක් සිට තිබෙනවා.

(colombotimes.lk)