18 April 2025


ආරුගම්බේ ප්‍රහාර සැලැස්මට අදාළව තවත් පිරිසක් අත්අඩංගුවට



ආරුගම්බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධව පුද්ගලයන් 6දෙනෙක්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිසට එක් මාලදිවයින ජාතිකයෙක්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඔවුන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා.

(colombotimes.lk)