18 April 2025


උපුල් තරංගට එරෙහි වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිලිකරු වන උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගියදා මාතලේ මහාධිකරණය එම වරෙන්තුව නිකුත් කළා.

ඒ අනුව ඉදිරියේදී එම නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)