17 April 2025


සියලු දුම්රිය ප්‍රමාද වෙයි



කොළඹ - කොටුව සහ මරදාන අතර දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද (28) උදෑසන කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ සඳහන් කළේ දුම්රිය පීලිගත කර අවසන් නමුත් හානි වූ මාර්ගය පිළිසකර කිරීම මේ වන විටත් සිදුවන බවයි.

ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


(colombotimes.lk)