18 April 2025


කලා ඔය ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්



ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 03ක් උසට විවෘත කර තත්පරයකට ජලය ඝණ අඩි 1750ක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

රාජාංගන වාරි ඉංජිනේරුවරයා කියා සිටියේ කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතු බවයි.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සවස් කාලයේ අධික වර්ෂාවක් ලැබුණහොත් රාත්‍රී කාලයේදී තවත් වාන් දොරටු විවෘත කිරීමට ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)