18 April 2025


අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලීසියට කොටුවෙයි



වරෙන්තු 22ක් නිකුත් කර සිටි සැකකරුවෙක් කඳාන කන්දෙවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔහු සොරකම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් බවයි.

පුත්තලම සහ මීගමුව අධිකරණ විසින් ඔහුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
 
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)