04 May 2025


පාස්කු ප්‍රහාර වාර්තාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්



පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටී බවයි.

(colombotimes.lk)