18 April 2025


දකුණු කොරියාවෙන් දෙන රැකියා මෙරටට අහිමිවීමේ අවදානමක්



දකුණු කොරියාව විසින් ලබාදෙන රැකියා දස දහසක් මෙරටට අහිමි වීමේ අවධානමක් මතු වී තිබෙනවා.

මෙම රැකියා ලබාදීම සිදු කරන්නේ විදේශීය සෘතුමය සේවකයන් හඳුන්වාදීම පිළිබඳ වූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරවයි.

කෙසේ වෙතත් නව රජය මෙම ගිවිසුම සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම හේතුවෙන් එම රැකියා කෝටාව වෙනත් රටකට ලබාදීමට දකුණු කොරියානු රජයේ අවධානය යොමු වී තිබෙනවා.

එම රැකියා කෝටාව කාම්බෝජයට හිමිවීමට ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)