18 April 2025


පාසල් පද්ධතිය දියුණු කිරීමට ජනපතිගේ සැලසුමක්



දිවයිනේ සියලු පාසල් පිළිබඳ සමීක්ෂණයක් සිදුකර දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ගාල්ල බද්දේගම පැවති ජාතික ජනබලවේගයේ මහා මැතිවරණයට අදාළව පැවති ජන රැලියට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ජනතාවගේ වගකීමක් නොවන බැවින් එම වරප්‍රසාද ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා බවයි.

(colombotimes.lk)