18 April 2025


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට



මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් නගරයේ ආපනශාලා ඊයේ (26) හදිසි පරීක්ෂාවකට ලක් කළා.

එහිදී එක් ආපනශාලාහිමියෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට මරණීය තර්ජන කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැටන් පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)