18 April 2025


ලෙබනනයට යන ලාංකික ශ්‍රමිකයන්ට දැනුම්දීමක්



ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක සඳහන් කළේ එරට පවතින ගැටුම් සමනය වනතුරු එරට සඳහා ශ්‍රමිකයන් ලියාපදිංචි නොකරන බවයි.

ලෙබනනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන් 7400ක් පමණ සේවය කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)