18 April 2025


පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන දැනුම්දීමක්



පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතා කිරීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ පොදු ස්ථානවල WiFi භාවිතා කිරීමේදී පෞද්ගලික තොරතුරු සොරාගැනීම හේතුවෙන්.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මේ වන විට ලැබී තිබෙන බවයි.

(colombotimes.lk)