18 April 2025


අගමැති හරිනි සහ චීන තානාපති අතර හමුවක්



ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (30) සිදු වුණා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී චීන රජයේ ත්‍යාගශීලීත්වය සහ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය චීන තානාපතිවරයාට තම කෘතවේදීත්වය පුදකර තිබෙනවා.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතාවයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

(colombotimes.lk)