18 April 2025


නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



තීරුබදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය විසින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ කළ වැටලීමක් අතරතුරදීයි.  

අත්අඩංගුවට ගත් සැකකරු හිඟුරක්ගොඩ පොලීසියට භාර දී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරු විසින් අලෙවි කිරීම සඳහා දුම්වැටි 2018ක් ළඟ තබාගෙන සිටි බවයි.

(colombotimes.lk)