18 April 2025


මඩකලපුව වෙරළට මසුන් රැසක් ගොඩ ගසයි



මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල වෙරළට මසුන් රැසක් ගොඩගසා ඇති බව නාරා ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. අරුලානන්තන් සඳහන් කළේ උෂ්ණත්වය අඩු වීම හේතුවෙන් මෙම මසුන් වෙරළට ගොඩ ගසා ඇති බවයි.  

මෝසම් කාල වෙනස්වීමත් සමඟ ජලය ගමන් කිරීමේ මාර්ගය වෙනස් වීම හේතුවෙන් උෂ්ණත්වය අඩු වී තිබෙනවා.

මඩකලපුව, කලුවංචිගුඩි, කළුතාවෙල, තේටතිව්, කුරුක්ලමඩම්, ඔන්ටාචිමඩම් ඇතුළු ප්‍රදේශවලට මසුන් ගොඩ ගසා ඇති බවයි වාර්තා වන්නේ.
 
මුහුදු කුකුළා නැමති මාලු විශේෂය මෙලෙස ගොඩ ගසා තිබෙනවා.

ජල මට්ටමේ සිට 10mක් පමණ ගැඹුරින් වෙසෙන මසුන්ට මෙම බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)