18 April 2025


ලොරි රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්



සූරියවැව - මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලීසිය අද (27) අලුයම වෙඩි තබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ලොරියේ ගමන් කළ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම තවත් සැකකරුවෙක් පළා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළා.

මේ අතර එම ලොරි රථයේ ගවයන් ප්‍රමාණය ඉක්මවා පටවා තිබීම හේතුවෙන් ගවයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)