17 April 2025


ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක්



වෙළඳපොලේ ඇතැම් ප්‍රදේශවල සති 2ක පමණ සිට ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාර්භෝගිකයන් චෝදනා කළා.

ලාෆ්ස් ගෑස් ප්‍රධාන පර්යන්තය පිහිටි බියගම - මාබිම ප්‍රදේශය පසුගිය දිනවල ගංවතුරට යටවීමෙන් ගෑස් බෙදාහැරීමට බාධා එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ ගෑස් බෙදාහැරීමේ කටයුතු ඉදිරි දින දෙක තුළ සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.

(colombotimes.lk)