18 April 2025


ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්



මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ජා-ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ හා ජා-ඇල ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට  ජල සැපයුම හෙට (05) පස්වරු 6.00 සිට අනිද්දා (06) පෙරවරු 6.00 දක්වා තාවකාලිකව අත්හිටුවන බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)