නව අමාත්‍යය මණ්ඩලය පත් කිරීම අද සිදු නොවන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පවසනවා.
අද (23) නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව දැනුම් දුන්නා.
මේ වන විට අග්‍රාමාත්‍ය දූරයේ කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස් වී ඇති බැවින් ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය ධූරයට කෙනෙක් පත් කළ යුතු බවයි ඇය එහිදී කියා සිටියේ.
ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය පත් කිරීම සිදු කරන බවත් නව කැබිනට් මණ්ඩලයට සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)