පාකිස්ථානයේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ කාලසටහන වෙනස් කර තිබෙනවා.
මෙම තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම එක්වනවා.
මීට පෙර මෙම තරගාවලිය ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ රාවල්පින්ඩි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැතිවීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම තරගාවලියේ සියලු තරග රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
එමෙන්ම මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ නොවැම්බර් 17වනදායි.
කෙසේ වෙතත් එය නොවැම්බර් 18වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
(CRICTIMES.LK)
