14 November 2025


පැතුම් ලෝකයේ හොඳම තුන අතරට



නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත්කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක 03වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට පෙර ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටියේ 04වන ස්ථානයේයි.

මේ අතර කුසල් ජනිත් පෙරේරාද මෙම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.


(COLOMBOTIMES.LK)