තරග සංචාරයක් වෙනුවෙන් පාකිස්ථානය බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ආරක්ෂක හේතූන් මත යළි දිවයිනට පැමිණීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු එක්දින තරග්ය ඊයේ රාවල්පිණ්ඩි ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එම තරගය පැවති ක්‍රීඩාංගණයට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට බෝම්බ පිපුරුමක් ඊයේ සිදුවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබෙන බවයි.
එම සාකච්ඡාවලින් අනතුරුව මේ පිළිබඳව අවසන් නිවේදනය නිල වශයෙන් නිකුත් කරන බව එම ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
(Crictimes.lk)
