පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පින්ඩිහීදී පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතයක් පවත්වා ගැනීම හේතුවෙන්.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව අවම පන්දුවාර අනුපාතයේ වැරදි සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කණ්ඩායම නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම පන්දු වාරයක් සඳහාම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 5%ක දඩයක් අය කරන බවයි.
(CRICTIMES.LK)
