තරග සංචාරයක් වෙනුවෙන් පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ආරක්ෂක හේතූන් මත යළි දිවයිනට පැමිණීමට ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු එක්දින තරගය ඊයේ රාවල්පිණ්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
තරගය පැවති ක්‍රීඩාංගණයට කිලෝමීටර් 17ක දුරින් පිහිටි පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට බෝම්බ පිපුරුමක් ඊයේ සිදුවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බවයි.
එම සාකච්ඡාවලින් අනතුරුව මේ සම්බන්ධයෙන් වන තීරණය නිල වශයෙන් නිවේදනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ 2වන තරගය හෙට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
(crictimes.lk)
