5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන (07) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු ප්‍රශ්න පත්‍ර සාදන කමිටුවේ සාමාජිකයෙක් ලෙස ක්‍රියාකර තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා.
(colombotimes.lk)