10 April 2025


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සඳුදාට පෙර



2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ එහි ප්‍රතිඵල නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

අයදුම්කරුවන් 452,979ක් සහභාගී වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වුණා.

ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331ක් ඇතුළත් වූ බවයි වාර්තා වන්නේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කළ පසු doenets.lk සහ results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

(colombotimes.lk)