එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව රජයේ මුද්‍රණාලයාධිපතිණි ගංගානි ලියනගේ පවසනවා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ මහ මැතිවරණය මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතු බවයි.
ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදියේ මූලික මුද්‍රණ කටයුතුද ආරම්භ කළ බව ඇය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)