10 April 2025


PHOTOS | මහජන බැංකුවේ Achievers Awards 2023 අති උත්කර්ෂවත් ලෙසින්



මහජන බැංකුවේ Achievers Awards 2023 සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

විශිෂ්ට කාර්යසාධනයන් වාර්තා කළ ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල, ශාඛා හා සේවා මධ්‍යස්ථාන ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණ බවයි වාර්තා වන්නේ.

මෙහිදි ශාඛා කළමනාකරණ, පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ, ඩිජිටල්, කාඩ්පත්, එතෙර ගනුදෙනු සේවා, ණය අයකිරීම්, ව්‍යවසායකත්ව බැංකුකරණ, වාණිජ බැංකු, ආයතනික බැංකු ඇතුළු වෙනත් අංශවලට අදාළව සම්මාන 266ක් පිරිනමා තිබෙනවා.
 
මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වුණා.








(colombotimes.lk)