10 April 2025


ඇප මුදල් රාජසන්තක ජනාධිපති අපේක්ෂකයන්ගේ ගණන මෙන්න



ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනෙක්ගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බවයි.

2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධික බව එම කොමිසම සඳහන් කළා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ 2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35කට අධික බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)