10 April 2025


නව ආණ්ඩුකාරවරුන් පත් කරයි



නව පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබෙනවා.

ඔවුන් මීට සුළු මොහොතකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර තිබෙනවා.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ අද නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බවයි.

01. දකුණු පළාත - බන්දුල හරිස්චන්ද්‍ර
02. මධ්‍යම පළාත – මහාචාර්ය සරත් අබේකෝන්
03. උතුරු පළාත – නාගලිංගම් වේදනායගම්
04. වයඹ පළාත – තිස්ස වර්ණසූරිය
05. සබරගමුව පළාත – චම්පා ජානකී
06. බස්නාහිර පළාත - හනීෆ් යූසුෆ්
07. නැගෙනහිර පළාත - ජයන්ත ලාල් චන්ද්‍රසිරි
08. ඌව පළාත - කපිල ජයසේකර
09. උතුරු මැද පළාත - වසන්ත කුමාර විමලසිරි 


(colombotimes.lk)