ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දත්තවලට අනුව පසුගිය මාසයේ මෙරට අපනයන කාර්ය සාධනයේ වර්ධනයක් පෙන්නුම් කරනවා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියා සිටියේ එය ඇමරිකානු ඩොලර් මිලියන 1,165.4ක වර්ධනයක් බවයි.
එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 4.18%ක වර්ධනයක් ලෙස පෙන්නුම් කරනවා.
ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළු බඩු අපනයනය ඉපැයීම ඉහළ යාම හේතුවෙන් මෙම වර්ධනය පෙන්නුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)