10 April 2025


පාර්ලිමේන්තු පිවිසුම අසලදී ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට ලක්වෙයි



යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පාර්ලිමේන්තු පිවිසුම අසලදී අද (25) උදෑසන අනතුරකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව පිවිසුම අසල මාර්ගයේ රථවාහන තද බදයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඩිෆෙන්ඩර් රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී දියවන්නාව වංගුවට වැටීමෙන් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

යුද හමුදා මැදිහත් වීමෙන් රථය පැය දෙකකට ආසන්න කාලයකට පසුව ගොඩගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

කෙසේ නමුත් මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව වාර්තා වනවා.

(colombotimes.lk)