10 April 2025


ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට වැඩ බලන නිලධාරිනියක් පත් කෙරේ



ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලූෂා බාලසූරියව පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඇය මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරන අතර, පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ලෙසද කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)