10 April 2025


මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුපට සිදු වුණ දේ



ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙක්ට විශ්‍රාම වැටුප නොලැබෙන බවයි.

ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මස 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,





(colombotimes.lk)